ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුණනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්
සරසවි සෙවණේ ආදර මංපෙත
වැසී ගිහින්දෝ සුවඳ මලින්
පෙමින් බැඳුණු ඒ සුපෙම්වතුන්
සක්මනින් වඩීදෝ ඇයව අරන්
ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුණනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්
දහසක් ලීවද ගී පද මාලා
රැය නිදිවරමින් අඳුර ඉරන්
සැළලිහිණියො නම් නෑ ගෙනයන්නේ
මගෙ සංදේශය නුඹට හොරෙන්
ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුණනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්