අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි ඔබ අනන්තයි
වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධු විතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පත්හිඳක් ගැවසෙන තැනක් ඔබ
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි ඔබ අනන්තයි
අඬ සඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි ඔබ අනන්තයි