ආනන්ද සාගරේ
මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ
ඔබයි මාගේ ජීවනේ
ඔබයි මාගේ ජීවනේ
විනෝදයි අපේ ජීවේ
විනෝදයි ප්‍රියේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ
මගෙ ජීවේ
ඔබ මූදය මා රළ වේ
ඔබය මගෙ නළඟන
දිවි සිනමාවේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ
මගෙ ජීවේ
ඔබ මූදය මා රළ වේ
ඔබය මගෙ නළඟන
දිවි සිනමාවේ
නාමල් සුරූපියේ
මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ
ඉඳුනිල වේ ඔබ සොඳුරේ
මගේ රන් මුදුවේ
රශ්මිය ගැවසේ
ඔබ සිල වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය
මුලු නිවසේ
මා ප්‍රිය දේහිනී
සුභානී සුභාෂිනී
සුභානී සුභාෂිනී
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ
ආනන්ද සාගරේ
මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ