අන්දර යායේ
වැව් තාවල්ලේ
සක්මන් කරනා
අප්පච්චි
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්චි
අන්දර යායේ
වැව් තාවල්ලේ
සක්මන් කරනා
අප්පච්චි
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්චි
වලාකුළේ ඩා
බිඳු තවරා
මහ පොළොවට මහ
වැසි ගෙනෙනා
වලාකුළේ ඩා
බිඳු තවරා
මහ පොළොවට මහ
වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම
කඳු මුදුනේ ඉඳ
පිතු සෙනෙහේ
කඳුළැලි සලනා
අන්දර යායේ
වැව් තාවල්ලේ
සක්මන් කරනා
අප්පච්චි
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්චි
තුරු හිස මුදුනේ
මල් පළඳා
කැකුළු මුවට
ඵල වැල නෙලුවා
තුරු හිස මුදුනේ
මල් පළඳා
කැකුළු මුවට
ඵල වැල නෙලුවා
ඒදඬු මං බැඳ
සත්කුළු පව් බිඳ
සිදාදියට එන
මං තැනුවා
අන්දර යායේ
වැව් තාවල්ලේ
සක්මන් කරනා
අප්පච්චි
දොලේ දියයි මට
කෙතේ නිලයි
ගහ වැලේ මලයි
මට අප්පච්චි