අසුරු සැණින්
එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින්
බිහි වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙළියන්ගෙ ඉඟි
දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි
පතිනිය වන්නට
යෙහෙළියන්ගෙ ඉඟි
දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි
පතිනිය වන්නට
මතු යම් දවසක
හැකි වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැණින්
එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින්
බිහි වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
සෙනෙහෙ විමානේ
කිරුළ දරන දා
සිඟිති තොලක
කිරි හිනා දකින්නට
සෙනෙහෙ විමානේ
කිරුළ දරන දා
සිඟිති තොලක
කිරි හිනා දකින්නට
එක සෙවනකදී හමු වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැණින්
එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින්
බිහි වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා