ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී
මාගේ
සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා
පාළුවේ සාගරේ
තොටියෙක් යාවුනා
සීරුවේ සීතලේ
ඔරුවක් පාවුනා
පාළුවේ සාගරේ
තොටියෙක් යාවුනා
සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා
තනිය නසා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා
පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ
මී මලක් පීදුණා
කතරේ වාලුකා
පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ
මී මලක් පීදුණා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා
නිවී ගියා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී
මාගේ
සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ