මුල ගී පද ආයුබොවන් ගුඩ් මෝනිං
F
T
P

ආයුබොවන් ගුඩ් මෝනිං ගී පද

හරිම හොඳයි හැම බබාම
අද ඇවිල්ලා වේලාසනින්
අපි පංතිය පටන්ගනිමු
ආයුබොවන් ගුඩ් මෝනිං
ආයුබොවන් ගුඩ් මෝනිං

අද පාඩම පටන්ගන්න
කලින් සැවොම මේ අහන්න
ලොකු වුනාම වෙන්න කැමති
කවුද කියලා මට කියන්න
අතත උස්සලා මට කියන්න

මානව හිමිකම් ගැන
උද්ඝෝෂණ කරවන
එන් ජී ඕ එකක් දමා
ගන්නෙමි එහි මුල් තැන

ගයන නටන ඉස්ටාර්ලා
දැක මගෙ බඩ දනවා
සීසන් ටෙන් එකේදි හරි
මම තරුවක් වෙනවා

ආසයි වාහනේ පාරෙ
දකුණින් එළවන්න
කැමතියි මම ඇමති කෙනෙක්
ළඟ ඩ්‍රයිවර් වෙන්න

තම තමාගෙ ගැන විතරක්
දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන
රටට සේවයක් කරන්න

මම ඉපදුනු මගේ රටට
නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති
උපදේශක කෙනෙක් වෙන්න

මාධ්‍යවේදියෙක් වෙනවා
මම නම් ලොකු වීලා
රටට සේවෙ කරනවා
ඉල්ලන සින්දුව දීලා
කැමතිම සින්දුව දීලා

මෙගා නාට්ටියක් කරමි
කොටස් දෙතුන්දහක
එහෙන් මෙහෙන් රඟපානවා
මමත් එහෙක දෙහෙක
අනෙ අපිත් එහෙක දෙහෙක

කෙනෙක් කරන දේ වැදගත්
තමන්ට වාගෙම රටටත්
තමුන් ආස දේ කියන්න
අත උස්සලා කෙනෙක් තවත්

මම කැමතියි ක්‍රීඩාවෙන්
ඉදිරියටම එන්න
ලොකු වුනාම හරි ආසයි
ක්‍රිකට් වලට යන්න

ක්‍රීඩාවත් හොඳයි පුතේ
පෙරටම යන්න
උපන් රටට ගෞරවයක්
අත්කර දෙන්න

මට නම් බැහැ අව්වෙ දිගට
ක්‍රිකට් ගහන්න
මෙමට ඕනෙ ක්‍රිකට් බෝඩ්
එකට පනින්න

බෝඩ් එකට පනින්න
පැනලා සේවෙ කරන්න
ක්‍රීඩකයින් තෝරන්න
වර්ල්ඩ් කප් එක ගන්න

ගීත ගායනය

ලයනල් රංවල
ලයනල් රංවල ගේ තවත් ගී පද

සහන් රංවල
සහන් රංවල ගේ තවත් ගී පද

රංවල ළමා බලකාය
රංවල ළමා බලකාය ගේ තවත් ගී පද

ගී පද රචනය

සංගීත නාද රටා

English | සිංහල
© හරිපිට ගී පද 2021