බලා වැළපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ
වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට
බිසෝ හැරගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ
බලා වැළපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
වඩිනතුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී අහන්නම්
සොඳුරු ඒ සඳ
දියේ එන්නම්
හිඳිනුමැන සොඳුරේ
හන්තාන අරණේ
හ්ම් ම් ම් ම්ම්
ම් ම් ම්ම්