නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බමර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩ දෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇඟිලි තුඩු තද කර මගෙ නලලේ
සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ
ගැඹුරු හද කැළඹුව ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ
දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳගන්න රිසිසේ
නිම නොවේ කිසි දිනේ
පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ළඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ම දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා නුඹ
නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බමර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ