බුදු පුතේ
වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු
දිය වෙනවා
රහසින් හැම දාම
ඔබ වැරදි කළත්
සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ
නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව
අවවාද කරනවා
අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව
මහ පොළොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා
මං සමාව දෙනවා
රත්තරං පුතේ තාත්තා
හැම දාම හඬනවා
බුදු පුතේ
වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු
දිය වෙනවා
රහසින් හැම දාම
ඔබ වැරදි කළත්
සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ
නුඹෙ පියත් වැලිකඩ
සිරගෙයි දොර ගාව
සිහිවන්න බුදු ගුණ
කියවන්න බණ පොත
මිනිසෙකුගෙ තියෙන
වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනෙ ඔබ
රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා
වරදට පුතුනි ඔය හිත
බුදු පුතේ
වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු
දිය වෙනවා
රහසින් හැම දාම
ඔබ වැරදි කළත්
සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ
නුඹෙ පියත් වැලිකඩ
සිරගෙයි දොර ගාව