චන්දන අරණේ
මන්මද සිසිලේ
සුවඳ උරා බී
සඳ කැන් අතරින්
හෙමිහිට රහසේ
රහසේ වෑහෙන
පිණි බිඳු
පබලු අරා මේ
සීතල රෑ යාමේ
චන්දන අරණේ
මන්මද සිසිලේ
සයන කැදැල්ලේ
උණුසුම් ළය මඬලේ
සයන කැදැල්ලේ
උණුසුම් ළය මඬලේ
උමතු වෙසින් ඔබ
උණුසුම සොයනා
නිදි ගන්වනු මැන
නැළවිලි ගීයෙන්
ඔබ හද
රිද්මා නගනා
නිදි ගන්වනු මැන
සොඳුර ඔබේ
සැමියාණනි
චන්දන අරණේ
මන්මද සිසිලේ
සයන කැදැල්ලේ
උණුසුම් ළය මඬලේ
සයන කැදැල්ලේ
උණුසුම් ළය මඬලේ
උමතු වෙසින් ඔබ
උණුසුම සොයනා
නිදි ගන්වනු මැන
නැළවිලි ගීයෙන්
ඔබ හද
රිද්මා නගනා
නිදි ගන්වනු මැන
සොඳුර ඔබේ
සැමියාණනි
චන්දන අරණේ
මන්මද සිසිලේ