චන්ද්ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි
ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ
ලාබ රත්තරං දිලිසෙන
පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා
ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට
පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක
රත්තරං දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ
මාල බැඳන් සුදු යකඩෙන්
රෝස මල් වනේ
මාල ගිරවි ගේ දොරකඩ
සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට
මොකද කාරණේ
පාර මතකනම් තාමත්
ගේ ළඟයි දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුන
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි
ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ