දන්සැල් ළඟ
පෝලිං වල
සෝපාකලා
සතර අවා ගිනි
නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ
දන්සැල් ළඟ
පෝලිං වල
සෝපාකලා
සතර අවා ගිනි
නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ
නාවර පෙරෙනා
මුහුණින්
කඳුළු මිදුනු
ගිජු දෑසින්
දස දහසක්
සක්වළ වට
අමා වතුර
ගලනා දා
පයිප්පයේ
දුඹුරු වතුර
බෙලෙක්
පිඟානේ පුරවා
මුවින් උරා
බොන්නෝ
සෝපාකලා
දන්සැල් ළඟ
පෝලිං වල
සෝපාකලා
සතර අවා ගිනි
නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ
පදික වේදිකා
නිවසේ
මව් සෙනෙහස
විඳ නැතියෝ
සියල් සතට
තුන් ලොවටම
අමා මෑණි
බිහි වූ දා
පුතේ කියා
මවක මුවින්
කිරි වදනක්
නෑසූවෝ
අදත් ඉඳිති
නාඩා
සෝපාකලා
දන්සැල් ළඟ
පෝලිං වල
සෝපාකලා
සතර අවා ගිනි
නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ