දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට
ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිටගත්තේ
නුදුටු විලාසේ
ඇයි මගහැර යන්නේ
හිතට මගේ
නෑ වාවන්නේ
නුදුටු විලාසේ
ඇයි මගහැර යන්නේ
හිතට මගේ
නෑ වාවන්නේ
දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
කන්ද කපා ආ
සඳපාන විලාසේ
ආල නුරා පෑ
නුඹ පිටගම් යන්නේ
නාන තොටේදී
නෑ විහිළු කරන්නේ
කෝඩු නුඹේ අත
නෑ මට හිමිවන්නේ
මදිවට පෙර පිං
මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ
කලක් ගෙවීයන්
අනේ
මදිවට පෙර පිං
මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ
කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
සෝඩි ටිකිරි ළැම
මල් මාල වැසීයන්
තෝඩු කනේ ලා
රන් සේල එතීයන්
වෙන්වෙන දා නෙත
කඳුලැලි නොසලන්
ඉඳහිටලා මට
ගම් දොරදි පෙනීයන්
මදිවට පෙර පිං
මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ
කලක් ගෙවීයන්
අනේ
මදිවට පෙර පිං
මං ගෙන ඇවිදින්
නුඹලට හොඳ
කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට
ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිටගත්තේ
නුදුටු විලාසේ
ඇයි මගහැර යන්නේ
හිතට මගේ
නෑ වාවන්නේ
නුදුටු විලාසේ
ඇයි මගහැර යන්නේ
හිතට මගේ
නෑ වාවන්නේ
නුදුටු විලාසේ
ඇයි මගහැර යන්නේ
හිතට මගේ
නෑ වාවන්නේ
නුදුටු විලාසේ
ඇයි මගහැර යන්නේ
හිතට මගේ
නෑ වාවන්නේ