ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කරපින්නා
නැළවිල්ලෙන් ආත්මයම
උණුහුම් කළ අම්මා
මගේ අම්මා
වචන රහිත දිගම පේන
ගිය කනේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න
පාර කිව්වෙ අම්මා
නැති බැරිකම් හංගා
ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා
ආත්මයම හැදුවේ අම්මා
ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කරපින්නා
නැළවිල්ලෙන් ආත්මයම
උණුහුම් කළ අම්මා
මගේ අම්මා
හරිම තැනින් පටන් ගන්න
කියා දුන්නු හින්දා
හොඳම දෙයක් කරන් යද්දී
සතුටු වෙන්නෙ අම්මා
සැප විඳිනවා දැකලා
හිස සිඹ සුබ පතලා
හිනා වෙවී හැඬුවේ අම්මා
ආත්මයම හැදුවේ අම්මා
ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කරපින්නා
නැළවිල්ලෙන් ආත්මයම
උණුහුම් කළ අම්මා
මගේ අම්මා