ඇව්ළුණු ගිනි දැල්
නිවි නිවි යද්දී
ඈ මට හමු වූවා
සුපිපුණු වන මල්
සුවඳ හමද්දී
ඈ මට හමු වූවා
ඇව්ළුණු ගිනි දැල්
නිවි නිවි යද්දී
රන් කෙඳි දහරින්
පෙරි පෙරි ඉතිරී
රන් කෙඳි දහරින්
පෙරි පෙරි ඉතිරී
හිරු අවරට වැඩියා
පාළුව තනිකම
රජයන විට දී
පාළුව තනිකම
රජයන විට දී
ඈ මට හමු වූවා
ඇව්ළුණු ගිනි දැල්
නිවි නිවි යද්දී
ඈ මට හමු වූවා
ඇව්ළුණු ගිනි දැල්
නිවි නිවි යද්දී
සුසිනිඳු සළුවක්
සුළඟට ඇඹරී
සුසිනිඳු සළුවක්
සුළඟට ඇඹරී
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ
සිටියදි තනි වී
සුදු මුදු වැල්ලේ
සිටියදි තනි වී
ඈ මට හමු වූවා
ඇව්ළුණු ගිනි දැල්
නිවි නිවි යද්දී
ඈ මට හමු වූවා
සුපිපුණු වන මල්
සුවඳ හමද්දී
ඈ මට හමු වූවා