ගඟට කපන ඉනි
ගඟ දිය
රැගෙන යති
සැපට වැඩුණු කය
පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත්
මරු ළඟාවෙති
පිනට දුන්නු දේ
පමණක් ඉතුරු වෙති
මලේ සුවඳ නැතිවෙයි
පෙති හැළුණාම
ගතේ රුසිරු නැතිවෙයි
රැලි වැටුණාම
ගඟේ මහිම නැතිවෙයි
දිය සිඳුණාම
දුන් දේ සුවඳ
පවතී ලොව හැමදාම
කෑමෙන් හොඳ කෑම
සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම
මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම
දුගියාට දන් දීම
යෑමෙන් හොඳ යෑම
නිර්වානෙට යෑම
කන බොන කෑම
තනියම
වළඳන්න එපා
අසරණ කෙනෙකු
ආ විට
එළවන්න එපා
අනුවණ කමෙන් පව්
සිදු කර ගන්න එපා
නොමැරෙන කෙනෙකු
ලෙස ජීවත් වෙන්න එපා
නොමැරෙන කෙනෙකු
ලෙස ජීවත් වෙන්න එපා
නොමැරෙන කෙනෙකු
ලෙස ජීවත් වෙන්න එපා
නොමැරෙන කෙනෙකු
ලෙස ජීවත් වෙන්න එපා
නොමැරෙන කෙනෙකු
ලෙස ජීවත් වෙන්න එපා