ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනි වූ විරාමෙක
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනි වූ විරාමෙක
මා හැර දමා
ගිය මියුලැසී
හෙට දිනත්
පෙර මගක්
අරමුණක් නැති
ගෙවෙන දිවියේ
ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රස බර
මතක මතුකර
හිනැහියන්
මා හැර දමා
ගිය මියුලැසී
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනි වූ විරාමෙක
මා හැර දමා
ගිය මියුලැසී
හිනැහෙමින්
වැලපෙමින්
දුටු සිතින්
පෙම් පිරූ සමයේ
සළකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි
සිහින සමගින්
දැවටියන්
මා හැර දමා
ගිය මියුලැසී
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනි වූ විරාමෙක
මා හැර දමා
ගිය මියුලැසී