හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැළට එන්න
කවුරුත් නෑ යාළුවේ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැළට එන්න
කවුරුත් නෑ යාළුවේ
පිපි කුසුමෙහි රන් මුවරද
වෙත එන බිඟු සේමා
නිති ගෙඋයන වැද රඟ දුන්
පැනි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැළට එන්න
කවුරුත් නෑ යාළුවේ
සව්සිරි සැප මා අතහැර
අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට
මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැනද මිතුරනි
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැනද මිතුරනි
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැළට එන්න
කවුරුත් නෑ යාළුවේ
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැළට එන්න
කවුරුත් නෑ යාළුවේ