මුල ගී පද හිටියා උදාර කොල්ලෙක්
F
T
P

හිටියා උදාර කොල්ලෙක් ගී පද

හිටියා උදාර කොල්ලෙක්
ඌට හිටියා හොඳ සැර
බල්ලෙක්
පළාතෙ එන්නෑ බිල්ලෙක්
උගෙ ඇඟේම නෑ
එක මැක්කෙක්

දවසක් දා ඌ දික්කරගෙන
කළු හොම්බ
හිටියා පණ නැති
මැළවුන ගතියෙන්
හෙම්බත්

ඌ කෑම කන්නෙ නෑ
බුරන්න යන්නෑ
නකුට වනන්නෑ
ලෙවකන්නේ නෑ
නෑ හරිම ලෙඩක්

බල්ලට වැඩියෙන්
කොල්ලයි දැන් ගොරවන්නේ
කොල්ලට වැඩියෙන්
බල්ලයි දැන් ගොරවන්නේ

තොට මස් කටු ඕනද
බලු සුප් ඕනද
ගස් ලබු ඕනද
පපඩං ඕනද
නෑ උපවාසෙ

මේ මොන දෙයක්ද කියලා
තැවෙනවා කොල්ලා
නොකා නොබී ඉඳ
හොම්බෙන් යනවා බල්ලා

තොට දංවැල එපාද
කූඩුව එපාද
තලන්න එපාද
කහින්න එපාද
නෑ කියන්නෙ නෑ

ඒ ගැන හිතලම කෙට්ටුයි
දැන් අපෙ කොල්ලා
දවසින් දවසම
දිරාලා යනවා
බල්ලා

දෙන්නද බූල් වැක්කෙරෙන
කන් දෙක එල්ලෙන
ඇස් දෙක නටවන
සුනක දේනුවක්
නෑ කියන්නෙ නෑ

දැං දැං බල්ලගෙ තත්වය
තරමක් උග්‍රයි
මාරය සමගත්
දැන් ඌ හොඳහැටි
මිත්‍රයි

මම අඳින ගමං ඌ
වනලා දෙකං
කියනවා මූ දැන්
මෙහෙම බොලං
මේ අහපල්ලා

ස්වාමියාට ඇති කීකරු කම
අපි අරින්නෙ නෑ
එනමුත් බල්ලා කියනා නම
රැකගන්නත් නෑ
මිනිසුන් අතරෙත්
මොකක් කරන්නෙත්
බෙලිද කපන්නෙත්
උන්ට කියන්නෙත්

බල්ලා බල්ලා බල්ලා බල්ලා
බල්ලා බල්ලා බල්ලා බල්ලා

ගීත ගායනය

ෆ්‍රෙඩී සිලවා
ෆ්‍රෙඩී සිලවා ගේ තවත් ගී පද

ගී පද රචනය

සංගීත නාද රටා

English | සිංහල
© හරිපිට ගී පද 2021