හුස්මේ සැමදා රැඳුණා
සඳනාරී උපමා මැවුණා
වැස්සේ
සිතු සේ තෙමුණා
කිඳුරාවී මනසේ ඇඳුණා
නෙතු යාවී
බැඳීලා සදා
හීන ගානේ
රැයේ හී පවා
සඳ සේයා
වතේහි මවා
පිනි සීතේ
දැනේවී කතා
සුසුම් අංශු පාසා
සුපෙම්වන්ත ආශා
රෑක මදනල ගවසා
හැඟුම් රංචු වීලා
රැයේ පින්න පීරා
මීන ඇසිපිය සලලා
සිතේ හැඟුම කොඳුරා
සදා මටම ලැබෙනා
නාරී සදා මාගෙ වීලා
නෙතු යාවී
බැඳීලා සදා
හීන ගානේ
රැයේ හී පවා
සඳ සේයා
වතේහි මවා
පිනි සීතේ
දැනේවී කතා
රැඳී ඉන්න මා හා
සුපෙම් බැල්ම පාලා
සේද රතදර මුමුනා
රැයේ නින්දෙ පායා
මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා
සදා මටම ලැබෙනා
නාරී සදා මාගෙ වීලා
නෙතු යාවී
බැඳීලා සදා
හීන ගානේ
රැයේ හී පවා
සඳ සේයා
වතේහි මවා
පිනි සීතේ
දැනේවී කතා
කවදාවත් නොදැකපු ඔයා ගැන මේ තරං ආදරයක් ඇති වෙයි කියලා මං හිතුවෙ නෑ. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති ඔයත් මට ලියන එක නතර කරන්න ඇත්තෙ. මං ඔයාගෙන් ලියුමක් බලාපොරොත්තුවෙන් ගොඩාක් කල් හිටියා. මට ආයෙ ලියන්න එපා.
හුස්මේ සැමදා රැඳුණා
සඳනාරී උපමා මැවුණා
වැස්සේ
සිතු සේ තෙමුණා
කිඳුරාවී මනසේ ඇඳුණා
නෙතු යාවී
බැඳීලා සදා
හීන ගානේ
රැයේ හී පවා
සඳ සේයා
වතේහි මවා
පිනි සීතේ
දැනේවී කතා