ඉකි ගසා හඬන
අතීතයක
කඳුළු එක්ක
ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේ ම
ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී
තුන් යම
මා රවටා
මැදියම් මහ රෑ
අදටත්
හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී
කළුවරේ ම
යළි සොයනා
මට මගේ නොවන
මගේ ම
ආදරයක් තිබුණා
මගේ ම
ආදරයක් තිබුණා
රිදුමක් වාගේ
කිසි දා
සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුව ම
පිරිමදිනා
උහුලනු
බැරි තැන
උණු කඳුළු ම
වගුරුවනා
මට මගේ නොවන
මගේ ම
ආදරයක් තිබුණා
මගේ ම
ආදරයක් තිබුණා
මගේ ම
ආදරයක් තිබුණා