ඉරක් නැති විට ඉරක් වී
සඳක් මට සිටියා
පුතෙක් නැති මට පුතෙක් වී
දුවෙක් ළඟ සිටියා
ඉරක් නැති විට ඉරක් වී
සඳක් මට සිටියා
පුතෙක් නැති මට පුතෙක් වී
දුවෙක් ළඟ සිටියා
නුඹේ ඇස් දෙක නුඹේ වයසට
බොහෝ දේ දැක්කා
මගේ ඇඳ ළඟ නුඹේ අත් පොඩි
මගේ දුක් ඇද්දා
නුඹේ පා පොඩි මගේ ළඟ හිඳ
පිනක් කරගත්තා
දුවේ නුඹ ළඟ මගේ ඇස් දෙක
ඉරේ රැස් දැක්කා
නුඹේ අත් දෙක මගේ ළඟ හිඳ
මගේ ඇස් රැක්කා
මගේ ඇස් දෙක හිනා වෙන විට
නුඹේ ළඟ දැක්කා
නුඹේ අත් දෙක මටත් වැඳ වැඳ
පන්සිලුත් ගත්තා
දුවේ නුඹ ළඟ මහා පින්බර
බුදු පුතෙක් දැක්කා
දුවේ නුඹ ළඟ මහා පින්බර
බුදු පුතෙක් දැක්කා