ඉරට මුවාවෙන් ඉඳගෙන
හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන
සළු පලඳිනවා
දීප චන්ද්ර රේඛාවෙන්
මූණ බලනවා
වලාකුළෙන් අහස්තලෙන්
බිමට වඩිනවා
පායන තරු
ඇස් ඇරලා
බලා සිටිනවා
පායන තරු
ඇස් ඇරලා
බලා සිටිනවා
පීදෙන මල්
පෙති විදහා
මුකුළු කරනවා
සුළං රොදින්
ඇදී ඇවිත්
ඇඟේ වෙළෙනවා
ගහ කොළ
සෙලවෙන තාලෙට
රහස් කියනවා
මේඝ මැදින්
විදුලිය මෙන්
නටා දිවෙනවා
මේඝ මැදින්
විදුලිය මෙන්
නටා දිවෙනවා
සීතල පොද වරුසාවෙන්
සුසුම් සලනවා
ඇල දොල ගං
ඇද හැලිලා
ගිමන් නිවෙනවා
මගේ හදට
සදා සතුට
ඔබෙන් ලැබෙනවා
ඉරට මුවාවෙන් ඉඳගෙන
හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන
සළු පලඳිනවා
දීප චන්ද්ර රේඛාවෙන්
මූණ බලනවා
වලාකුළෙන් අහස්තලෙන්
බිමට වඩිනවා