ඉරට රශ්මි
ගෙනැත් දෙන්ට
පුළුවන් බව ඇත්තයි
ඉරේ එළිය
රැයේ මැකී
අඳුර ගලයි සත්තයි
රැයේ
අඳුර ගලයි සත්තයි
හඳට සිනිඳු
සළු එලන්ට
හුරු පුරුදුයි ඇත්තයි
හඳට සිනිඳු
සළු එලන්ට
හුරු පුරුදුයි ඇත්තයි
හැමදාමත්
හඳ අහසේ
පායන්නෑ සත්තයි
අහසේ හඳ
පායන්නෑ සත්තයි
වහින වැස්ස
මහ පොළවට
වැටෙනවමයි ඇත්තයි
වහින වැස්ස
මහ පොළවට
වැටෙනවමයි ඇත්තයි
මුළු පොළවම
වට වැස්සෙන්
තෙමෙන්නෙ නෑ සත්තයි
වැස්සෙන්
තෙමෙන්නෙ නෑ සත්තයි
හිත් දොරකඩ
ඉන්න නුඹට
කියන්නෙ මං ඇත්තයි
හිත් දොරකඩ
ඉන්න නුඹට
කියන්නෙ මං ඇත්තයි
නුඹට දෙන්ට
මගෙ හිත දැන්
මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන්
මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන්
මගෙ ළඟ නෑ සත්තයි
හිත දැන්
මගෙ ළඟ නෑ සත්තයි