ජීවන විල මැද
වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
ජීවන විල මැද
වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
තී මට තී මට
කියමින් බිඟු පෙළ
ඇය අවටම රඟතී
ජීවන විල මැද
වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
ළහිරු රැසින්
පිබිදෙන පියුමින්
රොන් බී
මත් වුන බඹරා
මියුරු හඬින් කී
ගී නවතා යයි
පියුමේ හද අඹරා
නෑ එන පාටක්
නෑ එන පාටක්
ළතැවෙයි පියුම අනේ
ආ මට කෑමක්
ආ මට කෑමක්
තවෙකෙක් බඳිති සෙනේ
ජීවන විල මැද
වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
අවරට යන හිරු
සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුණු
නෙළුම ද හැකිළෙයි
පුන්සඳ දැක අහසේ
ඒකයි දෛවය
නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ
දාකයි දෙකකයි
පමණයි විසිතුර
එය ජීවන මහිමේ
ජීවන විල මැද
වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
තී මට තී මට
කියමින් බිඟු පෙළ
ඇය අවටම රඟතී
ජීවන විල මැද
වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී