ජීවිතය අලුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මග
පුරන්නට ඇත්නම්
ජීවිතය අලුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මග
පුරන්නට ඇත්නම්
ජීවිතේ වැරදුණු තැන්
නිසා වූ කම්පාවන්
ජීවිතේ වැරදුණු තැන්
නිසා වූ කම්පාවන්
යළිදු නොවිඳින්නට
ලබන දිවි මග
ලොවට හිත ඇති
මාවතක් කර ගන්නම්
ජීවිතය අලුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මග
පුරන්නට ඇත්නම්
ලැබූ අමිහිරි පාඩම්
මැවූ සිත් පීඩාවන්
ලැබූ අමිහිරි පාඩම්
මැවූ සිත් පීඩාවන්
යළිදු නොලබන්නට
ලබන පණ නළ
ලොවට සිහිලැති
මද නළක්
කර ගන්නම්
ජීවිතය අලුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මග
පුරන්නට ඇත්නම්
ජීවිතය අලුතින්
ලබන්නට ඇත්නම්
ජීවිතය අලුතින්
ලබන්නට ඇත්නම්
ලා ලලා ලාලා
හ්ම්ම් හ්ම් හ්ම්
හ්ම්ම් හ්ම්ම්