කවුරුන් ද කවුළුව වැහුවේ
මට දුන්නු ආදරේ
මං කොහොම
තනි මග යන්නේ
මේ නුහුරු මාවතේ
හුරු හිතට
නුහුරක් දැනුනා
අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි
ප්‍රේමයෙන්
කවුරුන් ද කවුළුව වැහුවේ
මට දුන්නු ආදරේ
මං කොහොම
තනි මග යන්නේ
මේ නුහුරු මාවතේ
නාඩන්න මගෙ පණ කියලා
නුඹ ගියා මාව දමා
හැර යන්න හේතුත් කියලා
මට කෙරූ චෝදනා
දුර නොයන ප්‍රේමෙන්
නික්මෙනා
මට දුන්නු ඒ හුස්මත්
හිර වුනා
මතකයද
මේ දුක් දෙන්නේ
අපි කෙරූ ආදරේ
අමතක ද
මා ළඟ උන්නා
තනිකමින් උන් දිනේ
ඇස් ගැහෙන
මොහොතක් පාසා
නුඹ ඉන්නවා හිතේ
යලි එන්න හැකි නම්
ඉක්මනින්
නුඹෙ සුවඳ
විලවුන් තවරා
සයනයෙහි ගුලි වෙලා
පැරණි මතකය
මා වින්දා
යලි එන්නෙ නැති නිසා
යලි එන්නෙ නැතිදෝ
මා සොයා
හැකි මට ඉන්න
පෙර සේ ඉවසලා
කවුරුන් ද කවුළුව වැහුවේ
මට දුන්නු ආදරේ
මං කොහොම
තනි මග යන්නේ
මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා
අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්‍රේමයෙන්