කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
එගොඩට යන්නට
එගොඩට යන්නට
ඉර ගල වැටිලා
ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා
පාරුව ඇතුලට
ලන්තෑරුම කෝ
ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
දවසින් දවසම
පාලම හැදුනා
පාලම් මෝලේ
හෙන හඬ ඇසුනා
කිරළ කැලෑවේ
කුරලු කොබෙයියන්
ගම හැර දා
යන්න ගිහින්
කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
එගොඩට යන්නට
එගොඩට යන්නට
දෑතේ අතැඟිලි
හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි
මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය
බර අද දවසේ
මට හිනැහීගෙන
යනවා වාගේ
කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ
එගොඩට යන්නට
එගොඩට යන්නට
ඉර ගල වැටිලා
ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා
පාරුව ඇතුලට
ලන්තෑරුම කෝ
ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ
කවුරුවත් නැහැ