කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
රේනු තලා මල් නොතලා
උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා
කරදර දෙනවා
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
ගලාහැලෙන අඳුර මැදින්
නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ
මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ
කිරුළු දරනවා
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
මා තනි වූ විටෙක පමණි
එමල දකින්නේ
හිරු සඳු මෙහි විත්
මොකටද කරදර දෙන්නේ
අඳුර සමග මොහොතක්
මට ඉන්නට දෙන්නේ
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
රේනු තලා මල් නොතලා
උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා
කරදර දෙනවා