කැලේ පනින්නේ
කොලේ වහන්නේ
නෑ ආයේ
කරදර දෙන්නේ
හිරිහැර දෙන්නේ
නෑ ආයේ
වහන් වී ඉඳලා
නෑ නෑ නෑ
මහ උළු ගෙයි තැපලා
මේ ගොයියා
ගමට ඇවිදිල්ලා
වහන් වෙන්නේ
මොටද බොලන්නේ
මොනවා මොනවා
මොනවා කිව්වා
කූරු ගැන ගැන
මං උන්නා
ඔහෙ පලයං ඔහෙ පලයං
කූරු ගැනලම
ඇඟ හිරි වැටුනේ
ආයෙ උළු ගෙට
නෑ යන්නේ
අඬහැරේ පාලා
හේ හේ හේ
ගමට කියහල්ලා
හේ හේ හේ
අයියා ඇවිදිල්ලා
කැලේ පනින්නේ
කොලේ වහන්නේ
නෑ ආයේ
කරදර දෙන්නේ
හිරිහැර දෙන්නේ
නෑ ආයේ
වහන් වී ඉඳලා
නෑ නෑ නෑ
මහ උළු ගෙයි තැපලා
මේ ගොයියා
ගමට ඇවිදිල්ලා
දෑත දෙපයේ
හයිය තියෙන්නා
නැතුව නැතුව
නැතුව අයියේ
හේන ගිනි ලා
පෙරලන්නා
ඇන්නෑවේ ඇන්නෑවේ
පොඩියට පැල් කොටයක්
අටවාලා
ඉන්නං කාගෙත්
අයියා වගේ
අන බෙර ගහපල්ලා
හේ හේ හේ
සොකරි නටහල්ලා
හේ හේ හේ
අයියා ඇවිදිල්ලා
කැලේ පනින්නේ
කොලේ වහන්නේ
නෑ ආයේ
කරදර දෙන්නේ
හිරිහැර දෙන්නේ
නෑ ආයේ
වහන් වී ඉඳලා
නෑ නෑ
මහ උළු ගේ තැපලා
මේ ගොයියා
ගමට ඇවිදිල්ලා
ගමට ඇවිදිල්ලා