කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා
මගේ කුඩා පුතුටයි
කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා
පැතුම් මගේ පුතුටයි
රූපයයි මලයි
සීන ලෝකයයි
රන් තරුයි සඳයි
පුතේ ඔබේ තමයි
සිහීනෙකින් ඔබේ
දෙතොල් සැලෙයි ඉබේ
තරුවෙන් ගුවන් ගැබේ
දිලෙයි දෙනෙත් ඔබේ
කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා
පැතුම් මගේ පුතුටයි
තාත්තගේ සිතේ
පැතුම් පිරී ඇතේ
අම්මගේ සිතේ
සෙනේ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ
කැලුම් බැලුම් පුතේ
සදා අපේ සිතේ
රැඳී තිබෙයි පුතේ
කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා
පැතුම් මගේ පුතුටයි
හා හාහාහා
හාහාහා හාහා
හාහාහා