කොහේද කොහේද
අපේ ලොවක්
කොහේද කොහේද
අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
රාජ කුමාරයන් කුමාරියන්
ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන්
ඉන්න කැලෑවක්
පුංචි සුරංගනාවන් සැඟවී
ඉන්න වලාවක්
අපට හිතුමතයේ රජ කරගෙන
ඉන්න දිහාවක්
අපට හිතුමතයේ රජ කරගෙන
ඉන්න දිහාවක්
කොහේද කොහේද
අපේ ලොවක්
කොහේද කොහේද
අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
කිඳුරු විමානයට පාර ළඟයි
එන්න යාළුවේ
මූදු හතක් එහා ඔරු පදින්න
එන්න යාළුවේ
මකර කටින් නාග භවනට යමු
එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයාගන්න
එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයාගන්න
එන්න යාළුවේ
කොහේද කොහේද
අපේ ලොවක්
කොහේද කොහේද
අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්