ලෙංචිනා මගෙ
නංගියේ ඇයි
ගං තෙරට වී
ගොම්මනේ
ලෙංචිනා මගෙ
නංගියේ ඇයි
ගං තෙරට වී
ගොම්මනේ
පෙත්තරේ ළඟ
පැන් තොටේ
ගම්මානයේ පව්
සෝදනා
රත්තරන් වී
කළු වලාකුළු
චන්ද්රයා සේ පායනා
ලෙංචිනා ඇති
වැඩ කළා දැන්
ගෙදර යං
කළුවර උනා
ලෙංචිනා මගෙ
නංගියේ ඇයි
ගං තෙරට වී
ගොම්මනේ
ලෙංචිනා මගෙ
නංගියේ ඇයි
ගං තෙරට වී
ගොම්මනේ
පින්වතුන් කැල
ඇන්ද සළු පිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ
කිලිකුණු ගිහින් ඒ
කිම් ද නොදැනේ
කාරණා
සේදිලා පරිශුද්ධ
වීමෙන්
යුග දෑත්
නුඹෙ බබළනා
ලෙංචිනා මගෙ
නංගියේ ඇයි
ගං තෙරට වී
ගොම්මනේ
ලෙංචිනා මගෙ
නංගියේ ඇයි
ගං තෙරට වී
ගොම්මනේ