ලෝ අඩ නින්දේ
මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ
කිමිදෙන්නේ
රන් තරු බැබළේ
නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
කිරිල ගසේ ගෙඩි
දිය මත වැටිලා
පහලට බැස යයි
දිය රැල්ලේ
නාමල් පිපිලා
නැළවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳ රැස් වැතිරෙන්නේ
ලෝ අඩ නින්දේ
මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ
කිමිදෙන්නේ
රන් තරු බැබළේ
නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
පැල්පතකින් එන
දැරියකගේ හඬ
දැන් දැන් මා හද
නළවන්නේ
මහ රෑ හින්දයි
ඇයගේ ගී හඬ
දසතම පැතිරෙන්නේ
කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ
ලෝ අඩ නින්දේ
මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ
කිමිදෙන්නේ
රන් තරු බැබළේ
නිල් ආකාසේ
ලස්සන මල් වාගේ