ලොව්තුරු පෙම් වතුරේ
නාවමි ඔබ මිහිරේ
ඔබ හද
රජ මැදුරේ
සතපනු මා මිහිරේ
සතපනු මා මිහිරේ
ලොව්තුරු පෙම් වතුරේ
මා මන මංගල
රන් ඕවිල්ලේ
ඔබ හා නැළවෙන්නම්
මා මන මංගල
රන් ඕවිල්ලේ
ඔබ හා නැළවෙන්නම්
රුති රුති සුවඳැති
බැති මල් මාලා
ලා ඔබ සරසන්නම්
ලා ඔබ සරසන්නම්
ලොව්තුරු පෙම් වතුරේ
ආදර කිංකිණි
ඔබ හඬවද්දී
පෙම් රඟ
රඟ දෙන්නම්
ආදර කිංකිණි
ඔබ හඬවද්දී
පෙම් රඟ
රඟ දෙන්නම්
රස බස් දී මා
තාල වයන විට
ගීයෙන් නළවන්නම්
ගීයෙන් නළවන්නම්
ලොව්තුරු පෙම් වතුරේ
නාවමි ඔබ මිහිරේ
ඔබ හද
රජ මැදුරේ
සතපනු මා මිහිරේ
සතපනු මා මිහිරේ
ලොව්තුරු පෙම් වතුරේ