මා ආදරේ
යාළුවෙක් ඇවිල්ලා
රෑ සීනයෙන්
ආදරේ කියාලා
රෑ පාළුවේ
වේදනා නිවාලා
මා සීනයෙන්
ආවෙමී සොයාලා
රෝස මල් කුමාරියේ කියා
කී නිසා එදා රැයේ ඔයා
වේදනා ලොවේ හැඟුම් මගේ
සෝ තැවුල් හිතේ නිවී ගියා
ජීවිතේ මගේ පැතුම් මවා
ආදරේ නිසා
මා ආදරේ
යාළුවෙක් ඇවිල්ලා
රෑ සීනයෙන්
ආදරේ කියාලා
ජීවිතේ අනන්ත වූ සුවේ
ආදරෙන් අපේ ලොවේ මැවේ
වේදනා නැතේ මගේ සිතේ
ආදරේ සදා වෙනස් නොවේ
සීන ලෝකයෙන් මිදී වහා
එන්න මා සොයා
මා ආදරේ
යාළුවෙක් ඇවිල්ලා
රෑ සීනයෙන්
ආදරේ කියාලා
මේ පාළුවේ
වේදනා නිවාලා
රෑ සීනයේ
ආවෙමූ සොයාලා