මුල ගී පද මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි
F
T
P

මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි ගී පද

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

ගීත ගායනය

සුනිල් එදිරිසිංහ
සුනිල් එදිරිසිංහ ගේ තවත් ගී පද

ගී පද රචනය

රත්න ශ්‍රී විජේසිංහ

සංගීත නාද රටා

රෝහණ වීරසිංහ
English | සිංහල
© හරිපිට ගී පද 2021