මද සීත නළ රැල්ල
දැඟලිල්ල පා
කැළඹිල්ල දී
දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී
සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ
මුසුවී ගියා
ඔය බැල්ම දෙන කැල්ම
සුර ගීත පා
සුරතල් ම බව පේන
රහසක් කියා
දුක කැල්ම නැති වී
සිත ඇල්ම මතු වී
පෙම් ලෝකයේ සුවඳ
මුසු වී ගියා
සුදු සේල මිහිඳුම්
අහසෙන් නැගී
නිල් ලෝකයේ එළිය
නොපෙනී වෙලී
සුදු සේල මිහිඳුම්
අහසෙන් නැගී
නිල් ලෝකයේ එළිය
නොපෙනී වෙලී
මගෙ දෑස පාදන්න
ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා
ඔය බැල්ම දෙන කැල්ම
සුර ගීත පා
සුරතල් ම බව පේන
රහසක් කියා
දුක කැල්ම නැති වී
සිත ඇල්ම මතු වී
පෙම් ලෝකයේ සුවඳ
මුසු වී ගියා
මගෙ දෑස ඔබ ගන්න
ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
මගෙ දෑස ඔබ ගන්න
ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
ලොව මීර නරඹන්න
මධු මීර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා
මද සීත නළ රැල්ල
දැඟලිල්ල පා
කැළඹිල්ල දී
දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී
සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ
මුසුවී ගියා
ඔය බැල්ම දෙන කැල්ම
සුර ගීත පා
සුරතල් ම බව පේන
රහසක් කියා
දුක කැල්ම නැති වී
සිත ඇල්ම මතු වී
පෙම් ලෝකයේ සුවඳ
මුසු වී ගියා