මුල ගී පද මහ වරුසාවට පසුව නැගෙන සඳ
F
T
P

මහ වරුසාවට පසුව නැගෙන සඳ ගී පද

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇල දොල පාමුල ගොළු වුන ගීයකි
අප හදවත් බැඳි සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මග බලමින් මා සිත ලතැවේ

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඔබ මට හමු වුන මල් බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය සෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ගීත ගායනය

සෝමතිලක ජයමහ
සෝමතිලක ජයමහ ගේ තවත් ගී පද

ගී පද රචනය

සංගීත නාද රටා

English | සිංහල
© හරිපිට ගී පද 2021