මහියංගණේ
රන් කොත වාසනාවන්
මහවැලි ගඟේ
දියවර වාසනාවන්
තුන්යම දුටුව
සිහිනය වාසනාවන්
බාල නගෝ
නුඹ මට වාසනාවන්
ඉර බාරයි
ඉර වට යන ගිරවුන්ට
සඳ බාරයි
සඳ වට යන සාවුන්ට
මල බාරයි
මල වට යන බමරුන්ට
නුඹ බාරයි
මතු මතුවත් නගෝ මට
මහියංගණේ
රන් කොත වාසනාවන්
මහවැලි ගඟේ
දියවර වාසනාවන්
තුන්යම දුටුව
සිහිනය වාසනාවන්
බාල නගෝ
නුඹ මට වාසනාවන්
ඉරගල නුවර
ඉරගල පවතිනා තුරු
සඳගල නුවර
සඳගල පවතිනා තුරු
අප හද බැඳුණු
සෙනෙහස මල් පිපෙන තුරු
මේ ගඟ ගලනු ඇත
දුක සැප දෙකම හුරු
මහියංගණේ
රන් කොත වාසනාවන්
මහවැලි ගඟේ
දියවර වාසනාවන්
තුන්යම දුටුව
සිහිනය වාසනාවන්
බාල නගෝ
නුඹ මට වාසනාවන්
මහියංගණේ
රන් කොත වාසනාවන්
මහවැලි ගඟේ
දියවර වාසනාවන්
තුන්යම දුටුව
සිහිනය වාසනාවන්
බාල නගෝ
නුඹ මට වාසනාවන්