මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම්
කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම්
කිමැයි කියා
නිදිමත තරු කැට
කඩා වැටේ
ඉඩ දී අඳුරට
අහස් තලේ
සඳ මල මිලිනව
බලා හිඳී
දකින තුරා
අඩ නුවන් අපේ
සඟවා ලය මත
ඔබෙ වත රහසින්
කියා දෙන්න ළං වී
ප්‍රේමය නම්
කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම්
කිමැයි කියා
ගහ කොළ නිසලව
බලා හිඳී
පවන් රොදක
සිහිලසින් බිඳේ
පිනි කඳුළැලි කැට
කඩා වැටේ
ඇහෙන තුරා
පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට
ළං කර රහසින්
කියා දෙන්න ළං වී
ප්‍රේමයනම්
කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම්
කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම්
කිමැයි කියා