මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ
මඟුල් දොහේ
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ
මඟුල් දොහේ
රබාන රත්වෙන
නැකත් වෙලාවට
නළාව පිඹහන්
කොහෝ කොහෝ
ගිරා නිලෙන් දිලි
ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර
පෙත්තප්පු
හෝරාවෙන් නොනගතේ
ගෙවෙද්දී
නෑගම් එනවද
පෙත්තප්පු
ගම්මැද්දේ සරු
අවුරුදු දා
ගම්මැද්දේ සරු
අවුරුදු දා
පච්චවඩම් පළඳා
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ
මඟුල් දොහේ
රබාන රත්වෙන
නැකත් වෙලාවට
නළාව පිඹහන්
කොහෝ කොහෝ
ඉහතෙල් ගානා
ආදර අතකින්
ඉහෙන් බහින
උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ
අයිය නඟාලට
පින් පල දේ
අවුරුදු ජය වී
එක මව් කුසයේ
උපදීවා
එක මව් කුසයේ
උපදීවා
මතු මතු සංසාරේ
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ
මඟුල් දොහේ
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ
මඟුල් දොහේ
රබාන රත්වෙන
නැකත් වෙලාවට
නළාව පිඹහන්
කොහෝ කොහෝ
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ
මඟුල් දොහේ