මුල ගී පද මිනිසා සුවඳයි මල සේ
F
T
P

මිනිසා සුවඳයි මල සේ ගී පද

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළොවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිණි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිණි දැල් සයුරේ
සා පවසින් ඉකිබිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

ගීත ගායනය

සුනිල් එදිරිසිංහ
සුනිල් එදිරිසිංහ ගේ තවත් ගී පද

ගී පද රචනය

කුමාරදාස සපුතන්ත්‍රි

සංගීත නාද රටා

රෝහණ වීරසිංහ
English | සිංහල
© හරිපිට ගී පද 2021