මුළු හදින් මම
ඇයට පෙම් කොට
අනාගත පෙම්
සිහින මැව්වෙමි
මගේ සොඳුරිය
වෙනත් කෙනෙකුට
අයිති වුනු හැටි
බලා දුක් වෙමි
අයිති වුනු හැටි
බලා දුක් වෙමි
මුළු හදින් මම
ඇයට පෙම් කොට
අනාගත පෙම්
සිහින මැව්වෙමි
මගේ සොඳුරිය
වෙනත් කෙනෙකුට
අයිති වුනු හැටි
බලා දුක් වෙමි
අයිති වුනු හැටි
බලා දුක් වෙමි
නිසංසල තැනකට වෙලා
අඬන මගෙ
ඇස් දෙක බලා
කියන්නකො දෙවියනේ
මෙහෙ විත්
කොහොම ඉන්න ද
ඉවසලා
කොහොම ඉන්න ද
ඉවසලා
මගේ අත ගෙන
කනට ළං වී
අනේ සුදු මම
ආදරේ යැයි
කියන්නට සිතුනේ
ඇයි ද සුදු
නොසිතුවද මට
දුක් ලැබේ යයි
නොසිතුවද මට
දුක් ලැබේ යයි
නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි
මතක් වෙනකොට
කොහොම ඉන්න ද ඉවසලා
කොහොම ඉන්න ද ඉවසලා
එදා රෑ ගං
ඉවුර අසබඩ
සුපුන් සඳ
පායන වෙලාවක
කතා කී හැටි
මතක් වෙනකොට
දුක දැනෙයි
පවතින අපායක
දුක දැනෙයි
පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුංවෙලා
මා උපන්නේ
දුක් විඳින්න ද
දුක් අඳුරු මැද
තනිවෙලා
දුක් අඳුරු මැද
තනිවෙලා
මුළු හදින් මම
ඇයට පෙම් කොට
අනාගත පෙම්
සිහින මැව්වෙමි
මගේ සොඳුරිය
වෙනත් කෙනෙකුට
අයිති වුනු හැටි
බලා දුක් වෙමි
අයිති වුනු හැටි
බලා දුක් වෙමි