නා මල් පිපිලා
මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
නා මල් පිපිලා
මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
පාලු සැඳෑවේ මේ වැව් ඉවුරේ
මගේ දෙනෙත් මඟ බලා හිඳින්නේ
පාලු සැඳෑවේ මේ වැව් ඉවුරේ
මගේ දෙනෙත් මඟ බලා හිඳින්නේ
පුරා සඳක් සේ වනලිය අතරින්
ඔබේ සිනා වත පිපෙන තුරා
නා මල් පිපිලා
මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
නීල තලාවේ මේ ගඟුලැල්ලේ
රිදී කඳන් සැලි සැලී රඟන්නේ
නීල තලාවේ මේ ගඟුලැල්ලේ
රිදී කඳන් සැලි සැලී රඟන්නේ
නදී සඳැල්ලේ රන්කම් විලසින්
ඔබේ දෙපා යුග නැගෙන තුරා
නා මල් පිපිලා
මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි