නගේ නගන්න
මල් සිනා
හදේ පිපෙන්න
මල් ලතා
ජීවිතේ පුරාම
ආදරේ සොරා ගනී
ඔබේ යොවුන් වියේ
යොවුන් කතා
සිනා නගන්නෙ කාටදෝ
හිතේ තියෙන්නෙ
මොනවදෝ
හෑම දාම
මේ වගේම
ඇයි උදෑසනේ
ඕනදෝ මගෙන්
සෙනේ බිඳක්
නගේ නගන්න
මල් සිනා
හදේ පිපෙන්න
මල් ලතා
පාසලේදි ඇයි
දඟේ මෙසේ
පාරෙදී මොකද්ද
මේ රඟේ
පාසලේදි ඇයි
දඟේ මෙසේ
පාරෙදී මොකද්ද
මේ රඟේ
මං කුමාරියක් වගෙයි
මනාලියක් වගෙයි
ජීවිතේ යොවුන් වියේ
සිතුම් හැඟුම් සලයි
නගේ නගන්න
මල් සිනා
හදේ පිපෙන්න
මල් ලතා
ආදරේට
මං බයයි අනේ
තාම ඕවා
පුරුදු නෑ වගේ
ආදරේට
මං බයයි අනේ
තාම ඕවා
පුරුදු නෑ වගේ
එන්නකෝ පුදන්නකෝ
ඔබේ යොවුන් සෙනේ
ආදරේ ලබන්නකෝ
මගේ යොවුන් හදේ
නගේ නගන්න
මල් සිනා
හදේ පිපෙන්න
මල් ලතා
ජීවිතේ පුරාම
ආදරේ සොරා ගනී
ඔබේ යොවුන් වියේ
යොවුන් කතා
සිනා නගන්නෙ කාටදෝ
හිතේ තියෙන්නෙ
මොනවදෝ
හෑම දාම
මේ වගේම
ඇයි උදෑසනේ
ඕනදෝ මගෙන්
සෙනේ බිඳක්
නගේ නගන්න
මල් සිනා
හදේ පිපෙන්න
මල් ලතා
හාහා හාහා හා
හාහා හාහා හා