නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරළින් එහා
නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා
ඈ ගියා
නතාෂා
කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා
ආයෙත් ආයෙත්
ආයෙත් පෙනෙනවා
අහසෙ පොළොවෙ
සුළඟේ වෙළෙනවා
නිල් නිල් නිල් නිල්
දැහැනේ වෙළෙනවා
සිත් සේ
දෙතොලේ පහසේ
ඔබ මා සිඹිනවා
සිහිනෙන් තැවෙනවා
පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී
හදවතේ ගිනි අවුලා
මා දෑසේ
ගිනි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා
ළංවි වෙන්වි
දුක් දී දුර ගියා
සයුරෙ රළසෙ
සිහිනේ මියැදුණා
සඳුගෙ හිරුගෙ
ගිනි සේ දිලිහුණා
උකුලේ ළමැදේ සයනේ
ඔබ මා සැනසුණා
සිහිනේ මැවෙනවා
නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කළා
නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා
ඈ ගියා
නතාෂා
කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා