ඔබ දැන් කීවත්
කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට
තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා
ඉස්සර වාගේ
අත් වැල් බැඳගෙන
යන්න ද කතා කලේ
දෙදෙනෙකු දෑතින්
අල්ලාගන්නට
එක වර නොහැක ලොවේ
ඔබ දැන් කීවත්
කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට
තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා
ලස්සන මල් පෙති
දෑතක පොඩි වුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර
සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා
ඔබ දැන් කීවත්
කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට
තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා