ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නට ද සැරසුනේ
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද එය මා දැන ගන්නේ
කවදා කොයිබද යළි හමුවේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ
කැටිකොට ගුවනට මුසුකොට මගෙ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතුදින මගේ දෙනෙතට ඔබ හමුවේනම්
එදින නැවත මා හිනැහෙන්නම්